Friday, September 30, 2011

LG සමාගමෙන් මවුස් ස්කෑනරයක්

ඹන්න ඉතින් ඉඩක් හම්බවෙච්ච ගමන් ඔයාලව මතක් වුනා. මම අද දැනුවත් කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔයාලට මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවා ඇතිනේ..අපි කෙලින්ම කතාවට බහිමු..

බැලූ බැල්මට සාමාන්‍ය මවුසයක් යැයි සිතුවත් මෙය සාම්ප්‍රදායික මවුසයක කාර්යය වන ඊ හිස චලනය කිරීමට අමතරව ස්කැනරයක කාර්යයද ඉටු කරයි.LG LSM - 100 ලෙස හැදින්වෙන මේ මවුස් ස්කෑනරය LG සමාගමේ නිෂ්පාදනයක්.සාමාන්‍ය මවුසයක ප්‍රමානයට තමා මේ මවුස් එකත් හදලා තියෙන්නේ .ඒ වගේම මේ මවුස් එක ඕනෑම වෙලාවක ස්කෑන් කියලා තියන බොත්තම ඔබලා ස්කෑන් කරන්නත් පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නෙ එම බොත්තම ප්‍රෙස් කරලා අවශ්‍ය දෙය මතින් මවුසය එහා මෙහා ගෙන යාමයි.



තවද PNG, JPEG, TIFF, BMP, PDF, XLS හා DOC යන ඕනෑම ගොනු ආකෘතියක් ස්කෑන් කරලා සේව් කරන්නත් පුලුවන්.තවද මේ මවුස් එක සතුව OCR  තාක්ෂණයද ඇත.තවද මෙම මවුස් එක මගින් ස්කෑන් කර ඒවා Microsoft Word  වැනි මෘදුකාංගයක් ඔස්සේ සංස්කරණය කරන්නත් පුලුවන්.මේ නිසා ටයිප් කරන්න යන කාලයද ඉතා අඩුයි.( මාත් ගත්තනම් හරි. හික්ස් ) කෙසේ වෙතත් මෙම මවුස් ස්කෑනරය බෙහෙවින් ජනප්‍රිය වේවි..

TaLk ලන්තය බලන්න ආවට ටැංකූ..එහෙනම් මම ගියා



4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

Nimesh said...

භාන්ඩෙනම් මරු.........අළුතෙන්ම එලියට දාපු නිසා ගනනුත් මරේ මරු ඇති!!!

TaLk ලන්තය said...

@Nimesh Suranga (නිමේෂ් සුරංග) කමෙන්ට් එකට ටැංකූ අයියා..ඔව් ඔව් හෙන ගහන ගනන් වෙන්න ඇති..( හික්ස් ) :D

Sachini said...

මල්ලී මේ මවුස් එක ගැන මම මීට කලින් අහලා තියනවා..හැබැයි මෙච්චර විස්තර නම් අහලා නැ..තෑන්ක්ස්

TaLk ලන්තය said...

@Sachini කමෙන්ටුවට ටැංකූ අක්කා..

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters