Friday, September 16, 2011

DDR 4 RAM ලගදීම ( මැක්සා )

පරිගනක පද්ධතිය තුල හුවමාරු  වන අනන්ත වූ දත්තයන්ගේ තාවකාලීන නැවතුම්පල RAM එක බව කව්රුත් දන්නවනේ..අපි කෙලින්ම කතාවට බහිමු..


SD-RAM සිට  DDR ( Double Data Rate ) තාක්ෂණය දක්වා වැඩිදියුණු වූ RAM පරිපථය මේ වන විට DDR2, DDR 3 දක්වා පැමිණ තියනවා...DDR3 තාක්ෂණය අභිබවමින් DDR 4 තාක්ෂණයෙන් යුතු RAM නිපදවීමට සැම්සුන් සමාගම සූදානමින් පසුවේ..






මේ නවතම  DDR 4 වර්ගයේ RAM නිර්මාණය ආරම්භ කෙරෙනුයේ   2012  වර්ශයේදී බවයි ඔවුන් පවසන්නේ..මීට ඉහතදී DDR3 හා DDR 2 ද මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ සැම්සුන් සමාගම විසින් ය.නැනෝමීටර 30 ක තාක්ෂණය යටතේ මෙම RAM නිර්මාණය කර තිබේ.දැනට ඔවුන් ලබා ඇති දත්ත වේගය 2.133Gbps වන අතර මෙය 4 Gbps දක්වා දියුනු කල හැකි බව ඔවුන් පවසනවා..( හෆොයි ) 



දැනට පවතින DDR 3 තාක්ෂනය 1.5v විදුලියක් වැය වන අතර DDR 4 තාක්සණයේදී මෙය 1.2v තරම් අඩු විදුලියකි.ඒවගේම මෙයට Pseudo Open Drain ( POD ) තාක්ෂණයද යොදා ගෙන ඇත.මෙය ලිවීමේදී හා කියවීමේදී  DDR 3 වලට වඩා 50% ක් විදුලිය ඉතිරි කර දේ.



ඉදිරියේදී එන  DDR 4 තාක්ෂණය පරිගනකයේ මතකය ආශ්‍රිත වේගය දෙගුනයකින් වැඩි කරන බවයි සැම්සුන් සමාගස පවසන්නේ ඒ අනුව මේ වසර අවසානයේදී  DDR 4 සදහා සහය දක්වන මව් පුවරු හා චිප්සෙට් වෙලදපොලට පැමිණෙනු ඇත...

ඉතින් කොහොම උනත් මේ තාක්ෂණයත් ලංකාවට එන්න අම්බානකට කල්යයි ( හික්ස්) . කොහොම උනත් මෙම අලුත් දෑ ගැන දැනුවත් කිරීම මම කරන්න ඕන කියලා හිතුන නිසයි මේ ලිපිය ලිව්වේ..එහෙනම් මම ගියා෴

10 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

Anonymous said...

I like this post because I work for this with my company.
Nice Post

TaLk ලන්තය said...

thx..for your comment

හසිත said...

ෂා මාරයිනේ ...එල එල DDR 4 ගැන අපිට කිවිවට

Adz said...

හ්ම්හ්... DDR 4 මරු ඇ...මමත් ආපු ගමන් දාගන්න ඕන..හොද ලිපියක්

අසෙල් said...

නියමයි අයියා මරු

TaLk ලන්තය said...

@ හසිත කමෙන්ට් එකට ටැංකූ සහෝ

TaLk ලන්තය said...

@ Adz කමෙන්ට් එකට ටැංකූ සහෝ

TaLk ලන්තය said...

@ අසෙල් කමෙන්ට් එකට ටැංකූ මල්ලී

TaLk ලන්තය said...

මේක ලංකාවට 2012 දිම එයි කියලයි අලුත්ම ආරංචි මාර්ග කියන්නේ

Anonymous said...

y will it take too much time?

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters