SD-RAM සිට DDR ( Double Data Rate ) තාක්ෂණය දක්වා වැඩිදියුණු වූ RAM පරිපථය මේ වන විට DDR2, DDR 3 දක්වා පැමිණ තියනවා...DDR3 තාක්ෂණය අභිබවමින් DDR 4 තාක්ෂණයෙන් යුතු RAM නිපදවීමට සැම්සුන් සමාගම සූදානමින් පසුවේ..
මේ නවතම DDR 4 වර්ගයේ RAM නිර්මාණය ආරම්භ කෙරෙනුයේ 2012 වර්ශයේදී බවයි ඔවුන් පවසන්නේ..මීට ඉහතදී DDR3 හා DDR 2 ද මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ සැම්සුන් සමාගම විසින් ය.නැනෝමීටර 30 ක තාක්ෂණය යටතේ මෙම RAM නිර්මාණය කර තිබේ.දැනට ඔවුන් ලබා ඇති දත්ත වේගය 2.133Gbps වන අතර මෙය 4 Gbps දක්වා දියුනු කල හැකි බව ඔවුන් පවසනවා..( හෆොයි )
දැනට පවතින DDR 3 තාක්ෂනය 1.5v විදුලියක් වැය වන අතර DDR 4 තාක්සණයේදී මෙය 1.2v තරම් අඩු විදුලියකි.ඒවගේම මෙයට Pseudo Open Drain ( POD ) තාක්ෂණයද යොදා ගෙන ඇත.මෙය ලිවීමේදී හා කියවීමේදී DDR 3 වලට වඩා 50% ක් විදුලිය ඉතිරි කර දේ.
ඉදිරියේදී එන DDR 4 තාක්ෂණය පරිගනකයේ මතකය ආශ්රිත වේගය දෙගුනයකින් වැඩි කරන බවයි සැම්සුන් සමාගස පවසන්නේ ඒ අනුව මේ වසර අවසානයේදී DDR 4 සදහා සහය දක්වන මව් පුවරු හා චිප්සෙට් වෙලදපොලට පැමිණෙනු ඇත...
ඉතින් කොහොම උනත් මේ තාක්ෂණයත් ලංකාවට එන්න අම්බානකට කල්යයි ( හික්ස්) . කොහොම උනත් මෙම අලුත් දෑ ගැන දැනුවත් කිරීම මම කරන්න ඕන කියලා හිතුන නිසයි මේ ලිපිය ලිව්වේ..එහෙනම් මම ගියා෴
10 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
I like this post because I work for this with my company.
Nice Post
thx..for your comment
ෂා මාරයිනේ ...එල එල DDR 4 ගැන අපිට කිවිවට
හ්ම්හ්... DDR 4 මරු ඇ...මමත් ආපු ගමන් දාගන්න ඕන..හොද ලිපියක්
නියමයි අයියා මරු
@ හසිත කමෙන්ට් එකට ටැංකූ සහෝ
@ Adz කමෙන්ට් එකට ටැංකූ සහෝ
@ අසෙල් කමෙන්ට් එකට ටැංකූ මල්ලී
මේක ලංකාවට 2012 දිම එයි කියලයි අලුත්ම ආරංචි මාර්ග කියන්නේ
y will it take too much time?
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..