මේදවස් වල අලුත්ම Programming Language එකක් ජනප්‍රිය වෙමින් තිනවා එකට කියන්නේ ක්ලොසර් (Clojure) කියල.මේක නිකුත් කරලා තියෙන්නේ පසුගිය මාර්තු 11 වෙනිදා.මේ ක්‍රමලේඛ භාෂාව භාවිත කිරීමට දැන් බොහෝදෙනා කැමතිවෙලා තියෙනවලු. මේ ක්‍රමලේක භාෂාව යොදාගෙන ලියන පරිගණක වැඩසටහන් පරිගණකයට තේරුම්ගන්න පුළුවන් විදියට යොදාගන්නේ Java Virtual Machine (JVM) වැඩසටහන. මෙම ක්‍රමලේඛන භාෂාව භාවිත කිරීමට ගුඟක් ය කැමති වෙලා තියෙන්නෙත් මේනිසාලු. ක්ලොසර් ක්‍රමලේඛන භාෂාව නිර්මාණය කොට තිබෙන්නේ පැරණි ක්‍රමලේඛන
භාෂාවක් වන ලිස්ප් (Lisp) ඇසුරෙන්. ලිස්ප් කියන්නේ ජෝන් මැකාති විසින් නිර්මාණය
කරපු භාෂාවක්. ලිස්ප් කියන්නේ ලොව උසස්ම ක්‍රමලේකන භාෂාවන්ගෙන් දෙවැන්න. දැන් ඉතින් ඕගොල්ලෝ ඊලඟට අහන්නේ එතකොට පලවෙනි එක මොකද්ද කියලනේ පලවෙනි එක තමයි ෆෝට්රෑන් (Fortran). ලිස්ප් ක්‍රමලේකන භාෂාව අද තියෙන ක්‍රමලේකන භාෂා ගණනාවකටම මුලාශ්‍ර දුන් එකක් . Perl , Python , Ruby සහ Java Script ඒවා අතර ප්‍රධානයි. ක්ලොසර් ක්‍රමලේඛන භාෂාව නිර්මාණය කරන තියෙන්නේ රිච් හිකී(Rich Hickey ) කියල කෙනෙක්.

ඔය ඉන්නේ එයා බලාගන්නකෝ. එයා මුලික වශයෙන්ම කල්පනා කරලා තියෙන්නේ අද තියෙන ක්‍රමලේඛ භාෂා භාවිතා කරන ක්‍රමලේඛ ශිල්පීන් හුරුවී සිටින ක්‍රමයට අනුව ලිස්ප් සැකසීම ගැනයි. ඒ නිසා එක් අතකින් පෙන්නේ ක්ලොසර් කියන්නේ අලුත් පන්නයේ ක්‍රමලේඛ භාෂාවක් වගේ. අනිත් අතින් බැලුවම එක පැරණි ක්‍රමලේඛන භාෂාවක ගතිගුණත් පෙන්නනවා. ක්ලොසර් ක්‍රමලේඛ භාෂාව නිපදවන්නත් කලින් රිච් හිකී විසින් තවත් ක්‍රමලේක භාෂාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ Dot Lisp කියල එකක්. ඒ ලිස්ප් පාදක කොටගෙන ඩොට් නෙට් (.Net) ප්ලැට්ෆොර්ම් එකට ගැලපෙන විදියට. අලුත් විදියේ ක්‍රමලේඛන භාෂාවකට ගැලෙපෙන විදියට පැරණි ක්‍රමලේඛන භාෂාවක් හැඩගස්සගන්න ආකාරය පිලිබඳ හුරුවක් රිච් හිකී විසින් ලබාගෙන තියෙන්නේ මෙහිදී තමයි. එතැන් සිට පසුගිය අවරුදු දෙකහමාරක කාලයක් එයා වැයකරලා තියෙන්නේ ක්ලොසර් ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කරන්න.
ඇමරිකානුවෙකු වන රිච් හිකී වසර 20 පමණ සිට ක්‍රමලේඛ ශිල්පියෙකු ලෙස වැඩකරමින් සිටිනවාලු. අනේ දැන් නම් ඇති තවනම් ලියන්න බෑ.
මේ ගැන වැඩි විස්තර ඕනනම් මේවට යන්නකෝ
http://en.wikipedia.org/wiki/Clojure
6 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
හොඳ ලිපියක් , මේ භාෂාව දැනගත්තෙත් අදමයි .දිගටම කරගෙන යමු
@ buwa සහෝ ස්තූති comment එකට.
නියමයි :-)
@ විශ්ව සහෝ ස්තුතී Comment එකට.
nice to know..!
@ දුශ් සහෝ ස්තුතී Comment එකට.
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..