අද මම ඔය ගොල්ලන්ට කියන්න යන කාරනය මාතෘකාවෙන්ම පේනවනේ...( හික්ස් ) ..
එක්සත් රාජධානියේ මවුපියන්ගෙන් හරි අඩක් ළමයින්ගේ ෆේස්බුක් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ කාර්යයක නිරත වන බව නවතම අධ්‍යනයකින් හෙලි වෙනවා..මේක නං ඉතිං අසාමාන්‍ය දෙයක් නෙමේ නේ...සමහර අය පැය 24 ම ෆේස්බුක්.. ( හික්ස් ) ඒක නිසා තමයි මේ ක්‍රයාමාර්ග ඔවුන් අරගෙන තියෙන්නෙ..මෙහි විශේෂත්වය තමා දරුවන් කරන දේ දැන ගැනිමට මා පියන්ද හරි හරියට මේ ෆේස්බුක් වැනි සමාජ ජාල වලට ලොග් වීමයි..ෆේස්බුක් , ට්විටර් වැනි සමාජ ජාල ජනප්‍රිය වීමත් සමග දරුවන් අනවශ්‍ය මිතුරු ඇසුරට යොමු වන බවයි දෙමාපියන් නම් කියන්නෙ, නමුත් ඊට වඩා දෙමාපියනුත් දැන් මේ සමාජ ජාල වලට ලොග් වෙලා තියන එක නම්, මම හිතන විදියට " කකුලු අම්මා ඇදේට ගිහිල්ලා කකුලු පැටවුන්ට කෙලින් යන්න කියනවා" වගේ වැඩක් ( හික්ස් )..
කොහොම උනත් අධ්‍යනයට සහභාගී වූ දෙමාපියන්ගෙන් 55% කියන්නේ මෙම සමාජ වෙබ් අඩවි ගැන තමන් ඔත්තු බලන බවයි..40% කියන්නේ තමන් එවැන්නක් නොකරන බවයි ( ඔත්තු බැලීම )..නමුත් 5% නම් කියන්නේ තමන් එය කල යුතු ආකාරය ගැන දන්නේ නම් එය කල යුතු බවයි..වෙනත් විදිහකට කියනවා නම් මේ 5% හේ පිරිස තමුන්ගේ ළමයි ගැන ඉතා හොදින් සොයා බලන බවයි මම නම් හිතන්නේ .. තවද මෙම මාපියන්ගෙන් 41% දරුවන්ගේ Status update පරික්ෂා කිරීමේ නිරත උනා......මේ පිලිබදව Bullguard internet security ආයතනය එම මව්පියන්ගෙන් විමසුවා...
මෙහිදී 6 % පමණ පවසා තිබුනේතමන් ඕනෑවට වැඩියෙන් දරුවන් ගැන සොයා බලන නිසා මේ ක්‍රියා මාර්ගය ගත් බවයි..කොහොම උනත් මෙම ඔත්තු බැලීමේ නිරතව සිටි දෙමාපියන් බොහෝ දෙනෙකුට ෆේස්බුක් ගිනුම් තිබූ බව සෙයා ගෙන තිබෙනවා..11% නම් කියන්නේ මෙම ෆේස්බුක් ගිනුම් ආරම්භ කලේ දරුවන් ගැන සෙවීමට බවයි..මේකට දෙමාපියන් 2000 ක් පමණ යොදා ගෙන තිබුනා...හැබැයි මේගැන දරුවන්ගෙනම් ඒතරම් කැමැත්තක් නෑ... කොහොම උනත් දරුවන් නම් කියන්නේ " දෙවියන්ගේ නාමයෙන් මවුපියන්ට ෆේස්බුක් වලට බැදෙන්න දෙන්න එපා කියලයි " ( හික්ස් )... :)
කොහොම උනත් මම නම් කියන්නේ තමන්ගේ දරුවා තමාට විශ්වාස නම් තවත් මොනවද...හොයලා බලන්න ඕන හැබැයි මේ වගේ ඉතා දරුනු ලෙස හොයලා බලනවට මොන ළමයද කැමති වෙන්නේ.......
"TaLk ලන්තයට" ආවට ස්තූතියි...එහෙනම් මම කැපුනා...
8 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
යාලුවා කැමතිනම් පිලිගන්න මමත් කලින් ඔය වැරද්ද කරපු කෙනෙක්.. ඒත් ඒ කාලේට වඩා දැන් ගොඩාක් හොදයි.. හැම පොස්ට් එකකම ලියන්න එපා කමෙන්ට් කරන්න ෆලෝ කරන්න කියලා..
ගොඩාක් අය ඒකට කැමති නැ... ලිපි හොදනම් අනිවා අනිත් අය අපි එක්ක ඉන්නවා
ජය වේවා
@ දේවා ගේ අඩවිය කමෙන්ට් එකට තෑන්ක් සහෝ....මම ඒ ටික අයින් කරා
හික් හික්..අපේ අම්මලා එහෙමත් ෆේස්බුක් එකවුන්ට් එකක් ඕපන් කරලද දන්නේ නෑ මගේ හොර අල්ලන්න ;-)
@ විශ්ව සහෝ සමහරවිට ඔයාගේ අම්මලත් ඔයාගේ හොර අල්ලන්න FB account එකක් open කරලා ඇති. ස්තුතී Comment එකට.
hodai patai mekanam sirawata
@ vgimshan comment 1 ta thx sahoo...
බුදු අමමෝ මේවා අහනකොටත් බයයි.
@ Adz තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට..හික්ස්
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..