Friday, September 30, 2011

LG සමාගමෙන් මවුස් ස්කෑනරයක්

ඹන්න ඉතින් ඉඩක් හම්බවෙච්ච ගමන් ඔයාලව මතක් වුනා. මම අද දැනුවත් කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔයාලට මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවා ඇතිනේ..අපි කෙලින්ම කතාවට බහිමු..

බැලූ බැල්මට සාමාන්‍ය මවුසයක් යැයි සිතුවත් මෙය සාම්ප්‍රදායික මවුසයක කාර්යය වන ඊ හිස චලනය කිරීමට අමතරව ස්කැනරයක කාර්යයද ඉටු කරයි.LG LSM - 100 ලෙස හැදින්වෙන මේ මවුස් ස්කෑනරය LG සමාගමේ නිෂ්පාදනයක්.සාමාන්‍ය මවුසයක ප්‍රමානයට තමා මේ මවුස් එකත් හදලා තියෙන්නේ .ඒ වගේම මේ මවුස් එක ඕනෑම වෙලාවක ස්කෑන් කියලා තියන බොත්තම ඔබලා ස්කෑන් කරන්නත් පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නෙ එම බොත්තම ප්‍රෙස් කරලා අවශ්‍ය දෙය මතින් මවුසය එහා මෙහා ගෙන යාමයි.

Friday, September 23, 2011

පාඩස් ! අලුත්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුර්කියෙන් එයි

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා.. ඒකට හේතුව තමයි ඉස්කෝලේ ආයිත් පටන් ගත්ත එක..මේ දවස් වල ඉස්කෝලේ නිසා ඔලුව ඔස්සන්නවත් ඉඩක් ලැබුනේ නෑ..කොහොම උනත් ඉඩක් ලැබුන ගමන් තමයි මේ ලිපිය ලියන්නේ..කෙලින්ම කතාවට බහිමුකෝ..

පාඩස් ( Pardus ) යනු දැන් ඇති ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලින් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් එයට විශේෂ හේතුව වන්නේ එය රාජ්‍ය අනුග්‍රහය ඇතුව නිර්මානය කරපු එකක් නිසායි.කෙසේ වෙතත් මේ මෙහෙයුම් පද්ධතිය තුර්කි ප්‍රෙයෝජනය සදහා තැනුවත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය ලෝකයේ සියලු දෙනාට බාගත කරන්න පුලුවන්
http://www.pardus.org.tr/eng/ - වැඩි විස්තර..










Friday, September 16, 2011

DDR 4 RAM ලගදීම ( මැක්සා )

පරිගනක පද්ධතිය තුල හුවමාරු  වන අනන්ත වූ දත්තයන්ගේ තාවකාලීන නැවතුම්පල RAM එක බව කව්රුත් දන්නවනේ..අපි කෙලින්ම කතාවට බහිමු..


SD-RAM සිට  DDR ( Double Data Rate ) තාක්ෂණය දක්වා වැඩිදියුණු වූ RAM පරිපථය මේ වන විට DDR2, DDR 3 දක්වා පැමිණ තියනවා...DDR3 තාක්ෂණය අභිබවමින් DDR 4 තාක්ෂණයෙන් යුතු RAM නිපදවීමට සැම්සුන් සමාගම සූදානමින් පසුවේ..





Thursday, September 15, 2011

කොණ්ඩෙ වවන රොබෝ

මම ඔයාලට මුලින්ම ලිපියෙදි කිව්වනේ USB වලින් දත් මදින ක්‍රමයක් ගැන..අද මම කියන්න හදන්නෙ කොන්ඩය හැලී යාමට මුහුන දෙන අයට නිපදවූ අලුත්ම රොබෝ කෙනෙක් ගැන කියන්නයි...

ඡායාරූපයේ දැක්වෙන රොබෝ අත වැදගත් වන්නේ කොණ්ඩය හැලී යාමේ ගැටලුවට මුහුන දුන් අයටයි.ඇන්ඩ්‍රොජෙනටික් ඇලොපේසියා හෙවත් male pattern hair loss නැමැති කොන්ඩය හැලී යාමේ  තත්වයට ගොදුරු වූ අයට ප්‍රතිකාර කිරීම සදහා කැලිෆෝනියාවේ රෙස්ටොරේෂන් රොබෝටික්ස්  ( Restoration Robotics ) සමාගම විසින් ඉදිරිපත් කරන ලද  කේෂ ස්‍යුනිකා වැවීමේ ක්‍රමවේදය ක්‍රයාත්මක කිරීමටයි මේ රොබෝ තාක්ෂණය යොදා ගන්නේ..

Wednesday, September 14, 2011

විද්‍යා දැනුමක තරම

හැමදාම වගේ අදත් මම ඔය ගොල්ලන්ට කියන්න යන්නේ ලෝකයේ පර්යේෂනාත්මකව සිදුවුනු අපූරු සිද්දි ගැනයි..

මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ විද්‍යා දැනුම ඉතා පහල මට්ටමක පවතින බවට නිතර නිතරම චෝදනා එල්ල වෙනවා.එහෙත් මේ ගැටලුව අප වගේ රට වලට සීමා වූවක් නොව ඇමරිකාවේ පාසල්  ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේද විද්‍යා දැනුම මේ හා සමානය.එරට බොහේ විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් සරල විද්‍යාත්මක සිද්ධාන්ත ගැන දන්නෙ නැහැ කියලයි මේ අලුත්ම වාර්තාවෙන් කියන්නෙ ( අපේ රට කොච්චර හොදද )..මේ පර්යේෂණය මෙහෙයවලා තියෙන්නෙ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ විද්වතුන් පිරිසත් විසිනුයි...." ජීවීන්ගේ ඇතැම් ජෛවීය කොටස් සෛල වලින් සෑදී නැත " වැනි ප්‍රකාශන කීපයක් සිසුන්ට ලබාදෙම්න් ඒවායේ සත්‍යතාවය විමසමිනුයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ..

යොවුන් රියදුරන්ට හයියෙන් යන්න ඉඩ නොදෙන මෝටර් රථයක්

අද මම කියන්න යන එක මාතෘකාවෙන්ම පේනවනේ....කෙලින්ම අපි කතාවට බහිමු...


තරුණ දරුවෙක් මෝටර් රථයක් ඉල්ලා සිටියහොත් දෙමාපියන් වැඩිපුර හිතන්නේ මේ ළමයා හයියෙන් ගිහින් අනතුරක් කරගනියිද යන්නයි...ඒත් තවදුරටත් ඒ ගැන බියවිය යුතු නැහැ...දැන් ෆෝඩ් සමාගම විසින්  අලුත්ම යතුරක් නිපදවා තියනවා...ඒකේ නම නම් My Key ..මෙම My Key  ක්‍රමවේදය මගින් එම මෝටර් රථය programme කරන්නෙ මව් පියන් විසින්මයි...


අලුත් පන්නයේ ක්‍රමලේඛන භාෂාවක් එයි.

මේදවස් වල අලුත්ම Programming Language එකක් ජනප්‍රිය වෙමින් තිනවා එකට කියන්නේ ක්ලොසර් (Clojure) කියල.මේක නිකුත් කරලා තියෙන්නේ පසුගිය මාර්තු 11 වෙනිදා.මේ ක්‍රමලේඛ භාෂාව භාවිත කිරීමට දැන් බොහෝදෙනා කැමතිවෙලා තියෙනවලු. මේ ක්‍රමලේක භාෂාව යොදාගෙන ලියන පරිගණක වැඩසටහන් පරිගණකයට තේරුම්ගන්න පුළුවන් විදියට යොදාගන්නේ Java Virtual Machine (JVM) වැඩසටහන. මෙම ක්‍රමලේඛන භාෂාව භාවිත කිරීමට ගුඟක් ය කැමති වෙලා තියෙන්නෙත් මේනිසාලු. ක්ලොසර් ක්‍රමලේඛන භාෂාව නිර්මාණය කොට තිබෙන්නේ පැරණි ක්‍රමලේඛන

Tuesday, September 13, 2011

දරුවන්ගේ ඔත්තු බලන්න මවුපියන් සමාජ ජාල වලට රිංගලා..

අද මම ඔය ගොල්ලන්ට කියන්න යන කාරනය මාතෘකාවෙන්ම පේනවනේ...( හික්ස් ) ..

එක්සත් රාජධානියේ මවුපියන්ගෙන් හරි අඩක් ළමයින්ගේ ෆේස්බුක් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ කාර්යයක නිරත වන බව නවතම අධ්‍යනයකින් හෙලි වෙනවා..මේක නං ඉතිං අසාමාන්‍ය දෙයක් නෙමේ නේ...සමහර අය පැය 24 ම ෆේස්බුක්.. ( හික්ස් ) ඒක නිසා තමයි මේ ක්‍රයාමාර්ග ඔවුන් අරගෙන තියෙන්නෙ..මෙහි විශේෂත්වය තමා දරුවන් කරන දේ දැන ගැනිමට මා පියන්ද හරි හරියට මේ ෆේස්බුක් වැනි සමාජ ජාල වලට ලොග් වීමයි..ෆේස්බුක් , ට්විටර් වැනි සමාජ ජාල ජනප්‍රිය වීමත් සමග දරුවන් අනවශ්‍ය මිතුරු ඇසුරට යොමු වන බවයි දෙමාපියන් නම් කියන්නෙ, නමුත් ඊට වඩා දෙමාපියනුත් දැන් මේ සමාජ ජාල වලට ලොග් වෙලා තියන එක නම්, මම හිතන විදියට " කකුලු අම්මා ඇදේට ගිහිල්ලා කකුලු පැටවුන්ට කෙලින් යන්න කියනවා" වගේ වැඩක් ( හික්ස් )..

USB වලින් දත් මදිමුද ??

මේ තමා TaLk ලන්තයේ හා හා පුරා කියලා ලියන පලවෙනි ලිපිය...හෆොයි...මේ කාලෙනම් කම්පියුටර් නැතිව මෙලෝ වැඩැක් කරන්න බෑ..කොටින්ම කිව්වොත් අද මම මේ කියන්න යන්නේ USB වලින් දත් මදින විදිහක් ගැන....අපිට නම් මේක අලුත් ( හික්ස් ) හැබැයි පිටරට උදවියටනම් මේක අමුත්තක් නෙමේ..කෙලින්ම කතාවට බහිමුකෝ..  :)


free counters